අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Patricia Raybon

පැට්‍රීෂියා රේබෝන්

.

පැට්‍රීෂියා රේබෝන් විසින් රචිත ලිපි

ඔබේ කුණාටුව අභිබවා යාම

එය 1968 අප්‍රේල් මස 3 වෙනිදා සවස වූ අතර ටෙනසිහි මෙමෆිස් හරහා දරුණු ගිගුරුම් සහිත වැස්සක් ඇද හැලෙමින් තිබුණී. වෙහෙසට සහ අසනීපයට පත් පූජ්‍ය ආචාර්්‍යය මාර්ටින් ලූතර් කිං (කණිෂ්ඨ) දේවස්ථාන ශාලාවක වැඩ වර්ජනයේ යෙදී සිටින සනීපාරක්‍ෂක සේවකයින්ට සහාය දැක්වීම සඳහා සැළසුම් කරන ලද කථාව කිරීමට අදහස් කළේ නැත. නමුත් හදිසි දූරකථන ඇමතුමකින් ඔහු පුදුමයට පත් වූයේ විශාල පිරිසක් ඔහුට සවන්…

ස්වර්ගයේ සිට අපට සවන් දෙමින්

මාස දහඅටේදීත් කුඩා මයිසන් තම මවගේ හඬ අසා නොතිබුණි. පසුව වෛද්‍යවරු ඔහුට ප්‍රථම ශ්‍රවණාධාරය සවි කළ පසු ඔහුගේ මව ලොරීන් ඔහුගෙන් “ඔබට මාව ඇහෙනවාද?” කියා ඇසූ විට දරුවාගේ ඇස් ඉහළට එසවුනි. “හායි බබා” ලොරීන් තවදුරටත් පැවසීය. සිනාසෙන මයිසන් සිය මවට මෘදු හඬකින් ප්‍රතිචාර දැක්වීය. තමා හාස්කමක් දකින බව ලොරීන් කඳුළෙන් යුතුව දැන ගත්තාය. අහඹු ලෙස සිදුවූ නිවාස ආක්‍රමණයකදී තුවක්කු කරුවන්…

රන් වලට වඩා හොඳයි

එක්සත් ජනපදයේ රත්රන් සෙවීමේ කලබල කාලයේදී රන් සොයන්නෙක් වූ එඞ්වඞ් ජැක්සන් කැලිෆෝර්නියාවට යන විට 1849 මැයි 20 වන දින ඔහුගේ දිනපොතේ මෙසේ සටහන් කර තිබුණේ ඔහුගේ අසීරු අශ්ව කරත්ත ගමන ගැන සහ රෝගී තත්ත්වය ගැනත් මරණය ගැනත් වැලපෙමිනි. “අහෝ මගේ ඇට කටු මෙතැන තබන්න එපා” ඔහු ලිවීය. “හැකි නම් ඒවා මගේ නිවසේ තැන්පත් කරන්න ඔවුන්ට ඉඩ දෙන්න”. ජෝන් වෝකර් නම්…

යාච්ඤාවේදී සිහිපත් කෙරේ

අප්‍රිකාවේ විශාල දේවස්ථානයක දේවගැතිවරයා දණින් වැටී “අපව සිහිපත් කළ මැනව” කියා දෙවියන් වහන්සේට යාච්ඤා කළේය. දේවගැතිවරයා එසේ අයදින විට “ස්වාමිනී අපව සිහිපත් කළ මැනව” කියා සමූහයා හඬමින් ප්‍රතිචාර දැක්වූහ. යූ ටියුබ් හි මේ මොහොත නරඹමින් සිටි මගේ දෙනෙතින්ද කඳුළු ගලා ගිය නිසා මම පුදුම වීමි. යාච්ඤාව මාස ගණනකට පෙර පටිගත කර තිබුණි. කුඩා කාලයේදී අපගේ පවුලේ දේවගැතිවරයා “අපව සිහිපත් කළ…

අපගේ සැබෑ අනන්‍යතාවය

පළමුවෙන්ම මිනිසා උපකරණ දමන්න පෙට්ටියක් තෝරා ගත්තේය. තම නගරයේ කුඩා ඇම විකුණන සාප්පුවක සිටගෙන ඔහු කොකු සහ මසුන් ඇල්ලීමට අවශ්‍ය අනෙකුත් දේවලින් සාප්පුවේ ට්‍රොලියක් පුරවා ගත්තේය. අවසානයේදී ඔහු පණ තිබෙන ඇමක් එකතු කර අලුත් බිලි පිත්තක් සහ තංගුස් රෝලක් තෝරා ගත්තේය. “මීට පෙර කවදා හෝ මාළු අල්ලා තියෙනවාද?” සාප්පු හිමියා ඇසීය. මෙම මනුෂ්‍යයා නැත කියා කීවේය. “මේකත් එකතු කර ගත්තා…

ඔබ තනිවම නොවේ

“ඔබව දකින්න ලැබීම සතුටක්”. “ඔබවත්”. “ඔබ මෙහි පැමිණීම ගැන සතුටුයි”. එකිනෙකා පිළිගැනීමට ලක්වූ සුභ පැතුම් උණූසුම් වුනි. දකුණු කැලිෆෝර්නියාවේ සේවයක සාමාජිකයින් ඔවුන්ගේ සන්ධ්‍යා වැඩ සටහනට පෙර අන්තර් ජාලය හරහා රැස්වූහ. ඔවුන්ගේ කථිකයා වූ මම කොලරාඩෝ ප්‍රාන්තයේ සිට ඇමතුමක් ලබා ගන්නා විට අනෙක් අය වීඩියෝ රැස්වීමට එක් වන ආකාරය නිහඬව බලා සිටියෙමි. හුදකලා පුද්ගලයෙක් වූ නිසාත් කිසිවෙක්ව නොදැන සිටි නිසාත් මට…

කථා කිරීමට කාලයක්

අප්‍රිකානු-ඇමරිකානු කාන්තාව වසර තිහක් පුරාවටම විශාල ගෝලීය සේවයක් කරන සංවිධානයක් සඳහා විශ්වාසවන්තව සේවය කළාය. එහෙත් ඇය වාර්ගික අසාධාරණය ගැන තමන් සමග සේවය කරන සේවකයින් සමග කථා කිරීමට උත්සාහ කළ විට ඇයට ලැබුණු ප්‍රතිචාරය වූයේ නිහඬතාවයයි. කෙසේ වෙතත් අවසානයේදී 2020 වසන්ත කාලයේදී ජාතිවාදය පිළිබඳ විවෘත සාකච්ඡා ලොව පුරා ව්‍යාප්ත වෙද්දී ඇය සමග සේවය කරන මිතුරෝ “විවෘත සංවාදයක් ආරම්භ කළහ”. විවෘත සාකච්ඡා…

ඔබේ වැට අහක් කරන්න

ගමේ පූජකතුමාට නිදා ගැනීම අපහසු වුනි. 2 වන ලෝක යුද්ධය උත්සන්න වෙද්දී ඔහු ඇමෙරිකානු සොල්දාදුවන් කණ්ඩායමකට කියා සිටියේ තම දේවස්ථානය පසෙකින් වැටක් ගසා වෙන් කර ඇති සුසාන භූමියේ ඔවුන්ගේ මියගිය සහෝදර භටයන්ව භූමදාන කළ නොහැකි බවයි. දේවස්ථානයේ සාමාජිකයන් පමණක් භූමදාන කිරීමට අවසර තිබුණි. එම නිසා ඒ මනුෂ්‍යයන් තමන්ගේ ප්‍රේමණිය මිත්‍රයාව වැටෙන් පිටත වළලා දැමූහ.

කෙසේ වෙතත් පසුවදා උදෑසන සොල්දාදුවන්ට සොහොන…

ප්‍රඥාවේ සිට ප්‍රීතිය දක්වා

දූරකථනය නාද වු අතර මම එය ප්‍රමාදයකින් තොරව ගත්තෙමි. ඇමතුවේ අපගේ දේවස්ථාන පවුලේ පැරණිතම සාමාජිකාව වන අවුරුදු සියයකට ආසන්න වයසැති වෙහෙස මහන්සි වී වැඩ කරන කාන්තාවකි. ඇගේ නවතම කෘතියට අවසාන වගන්ති ලබා දෙමින් එය අවසන් කිරීමට ඇය මගෙන් ලිවීමේ ප්‍රශ්න කිහිපයක් ඇසුවාය. කෙසේ වෙතත් සෑම විටම කරන්නාක් මෙන් මම ඇයගෙන් ප්‍රශ්න අසමින් සිටියෙමි. ජීවිතය ගැන, රැකියාව ගැන, ආදරය ගැන, පවුල…

බයිබලය විශ්වාස කරමින්

සුප්‍රකට ඇමෙරිකානු ඉවැන්ජලිස්තවරයෙක් වන බිලී ග්‍රැහැම් බයිබලය සම්පූර්ණයෙන්ම සත්‍යයක් ලෙස පිළිගැනීමට දැරූ අරගලය ගැන වරක් විස්තර කළේය. එක් රාත්‍රියක ඔහු සැන් බර්නාඩිනෝ කඳුකරයේ ඥානකාන්ති මධ්‍යස්ථනයක සඳ එළියේ තනිවම ගමන් කරමින් සිටියදී පැකිළෙමින් යාච්ඤාවක් කිරීමට දණින් වැටී බයිබලය ගසක කඳක් මත තබා “අනේ දෙවියන්වහන්ස, මේ පොතේ තිබෙන බොහෝ දේවල් මට තේරෙන්නේ නැත” කියා කීවේය.

ඔහුගේ ව්‍යාකූලත්වය පාපෝච්චාරණය කිරීමෙන් පසු “පියාණෙනි, මෙය…